spot_img
spot_img

කුවේටයේ අනවසරයෙන් සිටින ශ්‍රී ලාංකිකයින්ට පොදු සමා කාලයක්

කුවේට් රාජ්‍යයේ රැකියා සදහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් එරට රැදී සිටින සහ තම සේවා ස්ථානවලින් පළාගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට පොදු සමා කාලයක් ලබාදීමට කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් – අහමඩ් අල් – ජාබර් අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එරට සිටින ශ්‍රී ලාංකිකයින්ට දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිටවී යාම සදහා පොදු සමා කාලයක් හිමිවුන ලබනවා.

කුවේට් හි එමීර් ෂෙයික් මෙෂාල් අල් – අහමඩ් අල් – ජාබර් මැතිතුමා විසින් එය ප්‍රකාශයට පත් කර ඇති අතර කුවේට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කළ බවයි සඳහන් වන්නේ.

මෙම පොදු සමා කාලය පසුගිය 17 වැනිදා සිට එළඹෙන අප්‍රේල් 17 වැනිදා දක්වා ක්‍රියාත්මක වනවා.

කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැදී සිටින ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 19,620ක් බවට වාර්තා වනවා.

ශ්‍රී ලංකා තානාපතිවරයා සඳහන් කළේ, ඒ අතරින් මේ වනවිට යළි ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සදහා ශ්‍රී ලාංකිකයන් 5,000ක පමණ පිරිසක් තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බවයි.

කෙසේ වෙතත්, මෙම පොදු සමා කාලයෙන් බැහැරව ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුවහොත් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇගිලි සළකුණු ලබාගෙන, යළි කුවේට් රාජ්‍යය වෙත පිවිසීමට නොහැකි වන පරිදි රුපියල් 650,000ක දඩ මුදලක් ද අය කර පිටුවහල් කිරීම සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...