spot_img
spot_img

ඉදිකිරීම් ගැටලු විසඳන්න කැබිනට් පත්‍රිකාවක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතුවූවන්ගේ ගැටලු කඩිනමින් විසදීම සදහා වන යෝජනා ඇතුලත් විශේෂ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම කැබිනට් පත්‍රිකාව සැකසීම සදහා අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ කමිටුවක් ද පත් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු සඳහන් කරන්නේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය හා ඊට අදාළ ආයතන ආර්ථික අර්බුධය හා කොවිඩ් වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ නිසි ලෙස ඉදිරිපත් කෙරුණ සියලු බිල්පත් වලට අදාළ ගෙවීම් මේ වන විට අවසන් කර ඇති බවයි.

ඒ අනුව පසුගිය වසරේ එලෙස ගෙවා අවසන් කෙරුණු බිල්පත් වටිනාකම රුපියල් මිලියන 12,501ක්.

ඉදිකිරීම් ගිවිසුම් අලුත් කිරීමේ දී මිල ඉහළයාම් වලට අදාළ ගෙවීම් ඇතැම් රාජ්‍ය ආයතන මගින් සිදු නොකිරීම, ගෙවීම් ප්‍රමාද ගාස්තු නොගෙවීම වැනි ගැටලු විසදීම සදහා වන යෝජනා යෝජිත කැබිනට් පත්‍රිකාවට ඇතුලත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...