spot_img
spot_img

ගංජා දැමූ බව කියූ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරයි

පොලිස් රථවාහන පරීක්ෂාවක් අතරතුර මෝටර් රථයක් තුළට මත්ද්‍රව්‍ය පාර්සලයක් දමා තරුණයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සහ කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ වීඩියෝවේ සිටින පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ති‌බේ.

කොළඹ දකුණ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නියෝගයකට අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනමට ලක් කර ඇති බව සඳහන්ය.

මෙම පොලිස් කොස්තාපල්වරයා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන අතර මොහු ඇතුළු තවත් නිලධාරීන් කණ්ඩායමක් ආනන්ද කුමාර ස්වාමී සහ කර්නල් ටී ජයා මාවත අතර ප්‍රදේශයේ රාජකාරී කටයුතුවල නිරතවී සිටියදී එම සිද්ධිය ඇතිවී තිබුණි.

අදාළ පොලිස් කොස්තාපල්වරයා පරීක්ෂා කරනු ලබන මෝටර් රථය තුළ ගංජා මත්ද්‍රව්‍ය තබා එම මෝටර් රථයේ පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්ය.

එම සිද්ධිය මෝටර් රථයේ පැමිණි පිරිස් වීඩියෝ කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති අතර ඒ පිළිබඳව පොලිස් කොස්තාපල්වරයාට බරපතළ සමාජ චෝදනාවක් එල්ල වී තිබුණි.

ඒ අනුව රාජකාරී වේලාව තුළ නිල ඇදුමින් බුලත් විටක් සපමින් සිටීම, රියදුරු හෝ රථයේ ගමන් ගත් වෙනත් පුද්ගලයෙක් සහ සහායක නිලධාරියෙකුවත් නොමැතිවර රථය පරීක්ෂා කිරීම යන චෝදනා කිහිපයක් යටතේ එම පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...