spot_img
spot_img

ඉන්දීය බලඇණිය හමුවේ සිංහ නඩය සුපුරුදු පරිදි අදත් පරදී

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියා කණ්ඩායම අද (27) සමත් වුණා.

ඒ ලකුණු 43කින් ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින්.

අද පැවති තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළ අතර, ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 213ක් රැස් කිරීමට සමත් වුණා.

නායක Suryakumar Yadav ලකුණු 58ක්ද, Yashasvi Jaiswal ලකුණු 40ක්ද, Rishabh Pant ලකුණු 49ක්ද, Shubman Gill ලකුණු 34ක්ද ලෙසින් ඉන්දීය කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුළු 04ක්ද, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුසංඛ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 214ක දැවැන්ත ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19යි පන්දු02ක් අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 170ක් පමණයි රැස් කර ගැනීමට හැකිවුණේ.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අගනා ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක ලකුණු 79ක්ද, කුසල් මෙන්ඩිස් ලකුණු 45ක්ද, කුසල් පෙරේර ලකුණු 20ක්ද, කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක්ද ලෙස කණ්ඩායමේ ඉහළ ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Arshdeep Singh සහ Axar Patel කඩුළු 02 බැගින්ද, Riyan Parag කඩුළු 03ක්ද, Ravi Bishnoi සහ Mohammed Siraj එක් කඩුල්ල බැගින්ද දවා ගැනීමට සමත් වුණා.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය හෙට දිනත්, තුන්වැනි තරගය 30 වැනිදා රාත්‍රී 07.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...