spot_img
spot_img

ඉන්දියාවෙන් ලංකාවට ලකුණු 214ක ඉලක්කයක්

සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර 20 තරගාවලියේ පළමු තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 213ක් රැස් කිරීමට සමත් වුණා.

පළමු තරගය අද (27) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී රාත්‍රී 07.00ට ආරම්භ වූ අතර, කාසියේ වාසිය හිමිකරගත් ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකිමටයි.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 213 දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

නායක Suryakumar Yadav ලකුණු 58ක්ද, Yashasvi Jaiswal ලකුණු 40ක්ද, Rishabh Pant ලකුණු 49ක්ද, Shubman Gill ලකුණු 34ක්ද ලෙසින් ඉන්දීය කණ්ඩායමේ ඉහළම ලකුණු වාර්තා කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ කඩුළු 04ක්ද, වනිඳු හසරංග, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මධුසංඛ එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...