ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යූහගත කිරීමේ සැලැස්ම යටතේ ඊට අයත් සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජය සතු වෙනම ආයතනයක් බවට පත්කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
එමඟින් ඊට අවශ්‍ය ආයෝජන ආකර්ශනය කරගැනීමට හැකිවන අතර ඉන්ධනවල ප්‍රමිතිය, කාර්යක්ෂමතාව සහ ධාරිතාව ඉහළ නංවා පිරිවැය අඩු කිරීමට ද හැකි වනු ඇති බව සිය x ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දැනට අනුමත සේවක සංඛ්‍යාව සහ වැටුප් ව්‍යූහය ද සමාලෝචනය කෙරෙන අතර විවිධ කාර්යයන් සහ සේවාවන් සඳහා ඩිජිටල් වේදිකා හඳුන්වාදීමට ද නියමිත බවද අමාත්‍යවරයා පැවසුවා.
මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු කාලරාමුව සහ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තෙල් පිරිපහදුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහ අමාත්‍ය කංචන විජේසේකර මහතා අතර ඊයේ (25) සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.




