spot_img
spot_img

උපකාරක පන්ති නියාමනය කළ යුතු බවට ප්‍රකාශයක්

ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

ඔහු පවසන්නේ එම කර්මාන්තය හරහා දෙමාපියන්ගේ රුපියල් බිලියන 200ක පමණ මුදලක් සංසරණය වන බවයි.

“අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින්ව උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත් 10,11 යන පන්තිවල හා 12,13 යන පන්තිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වෙනවා. මෙහි සමස්ත වෙළෙඳ පොළ වටිනාකම බලද්දි වාර්ෂිකව රුපියල් බිලියන 200ක විතර මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙනවා. මේ උපකාරක පන්ති නියාමනයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නෑ. උපකාරක පන්ති නියාමනයක් සිදුකර බදු දැලට යටත්වීමක් සිදුවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් මේ වෙලාවේ අවශ්‍යයි. නොමැති නම් පාසල් අධ්‍යාපනය බිඳවැටී උපකාරක පන්තිවල ගොඳුරක් බවට පාසල් අධ්‍යාපනය පත්විය හැකියි.”

අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී මෙම උපකාරක පංති නියාමනය කළ යුතු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පෙන්වා දෙනවා.

එහිදී විශේෂයෙන්ම පවතින තත්ත්වය ගැන පුළුල් අධ්‍යයනයක් සිදුකර දෙමාපියන් උපකාරක පන්ති වෙනුවෙන් දරණ වියදම පිළිබඳ නිසි අවබෝධයක් මෙන්ම දරුවන් උපකාරක පන්තිවලට සහභාගී වෙන්නේ ඇයි ද යන කාරණා පිළිබඳ සොයාබැලිය යුතු බව ද වසන්ත අතුකෝර මහතා මෙහිදී සදහන් කළා.

මුදල් ඉපයීම මූලික අරමුණ කරගනිමින් අධ්‍යාපන සුදුසුකම් නොමැති පුද්ගලයින් උපකාරක පංති පැවැත්වීම අපරාධයක් බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා තවදුරටත් පෙන්වා දෙනවා.

“අදාළ විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවලට ඇවිත් උගන්වන තත්ත්වයට පත්වෙලා. ඒ අයගේ සුදුසුකම් යම් ආකාරයට සොයාබැලිය යුතුයි. යම් නියාමනයක් සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පෞද්ගලික අධ්‍යාපනයත් ඇතුළත් විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් අපට හැකියාව ලැබෙන්නේ නෑ රටේ උපකාරක පන්ති ක්‍රියාවලියේ වෙනසක් වෙයි කියලා. මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොහේ හරි ලියාපදිංචි විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන ලොකු කාර්යභාරයක් තියෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...