spot_img
spot_img

අද ගුරු – විදුහල්පතිවරු ලෙඩ වෙලා – පාසල් කටයුතු අඩාලයි

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරු සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ, සියලුම ගුරු – විදුහල්පතිවරුන් කොළඹට කැඳවා විරෝධතාවක් පැවැත්වීමටද නියමිත බවයි.

අද දිනයේ ගුරුවරු ලෙඩ නිවාඩු වාර්තා කරන බැවින් බොහෝ පාසල්වල දරුවන්ට පාසල් නොපැමිණෙන ලෙස ද ගුරුවරුන් පවසා තිබුණා.

දරුවන්ගේ දෙවන පාසල් වාරය ආරම්භය සමග මෙලෙස ගුරු – විදුහල්පතිවරු වර්ජනය ආරම්භ කර ඇති අතර මේ හේතුවෙන් පාසල්වල අධ්‍යාපන කටයුතු අඬාල වී ඇති බවටයි අප වර්තාකරුන් සදහන් කළේ.

මේ අතර රජයේ විධායක නිලධාරීන්ගේ සංගමයේ නියෝජතයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත් අද ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති එච්.ඒ.එල් උදයසිරි මහතා පැවසීය.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...