spot_img
spot_img

ශ්‍රී ලංකා පොලිසියට සතුටු හිතෙන ආරංචියක්

ශ්‍රී ලංකා පොලිසියේ අතරමඟ නතර වී තිබූ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසිය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ලබා දීමේ අරමුණින් ඉදිකිරීම් ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇතත් 2020 වර්ෂයේදී කොවිඩ් – 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීම සහ රටේ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 – 2023 වසර වලදී වැඩ නිම කිරීමට සැලසුම් කර තිබූ ව්‍යාපෘති අපේක්ෂිත පරිදි අවසන් කිරීමට නොහැකි වී තිබෙන බව රජය සදහන් කළා.

කොළඹ 2,කුමාරන් රත්නම් පාරේ පිහිටි කනිෂ්ඨ ශ්‍රේණියේ නිලධාරීන්ගේ විවාහක නිල නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය,කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ නේවාසික ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතිය,කොල්ලුපිටිය පොලිස් ස්ථාන ගොඩනැගිල්ලේ ඉතිරි වැඩ නිම කිරීමේ ව්‍යාපෘතිය මෙලෙස අතරමග නතර වී තිබුණා.

එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරීමට හැකි වන පරිදි ඒවායේ මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමටත්, ව්‍යාපෘති අවසන් කිරීමේ කාල සීමාව 2024- 2027 දක්වා දීර්ඝ කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...