spot_img
spot_img

මීගමුවේ ඉඳන් ලෝකය හතර වටේටම ගේම් දීලා

මහාපරිමාණ අන්තර්ජාල මූල්‍ය වංචාවකට සම්බන්ධ විදේශිකයන් ඇතුළු පුද්ගලයන් 33 කු මිගමුව ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අතර කාන්තාවන් දෙදෙනකුද වන බව පොලිසිය සදහන් කළා.

සැකකරුවන් සහ සැකකාරියන් සමඟ මහා පරිමාණ මූල්‍ය වංචාව සඳහා යොදාගත් ජංගම දුරකථන 109 ක් පරිගණක 46 ක් හා ලැෆ් ටොෆ් පරිගණක 3 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් සහ සැකකාරියන් අතර පාකිස්ථාන, ඇල්ජීරියා නේපාලය, ඉන්දුනීසියා හා ශ්‍රී ලාංකිකයන් ද වන බව පොලිසිය සඳහන් කළා.

නාඳුනන පුද්ගලයකු විසින් වට්ස්ඇප් සමූහයකට තමන්ව එක්කරගත් අතර ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ වීඩියෝ සඳහා ලයික් හා කමෙන්ට් දැමීමෙන් මුදල් ඉපැයිය හැකි බවට එම සමූහය මගින් දැනුම්දුන් බවත් එලෙස ලයික් සහ කමෙන්ට් කිරීම වෙනුවෙන් අවස්ථා කිහිපයකදී තමන්ට රුපියල් 750 බැගින් මුදල් ලැබුණු බව කාන්තාවක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණිලි කර තිබිණි.

වැඩිදුරටත් මුදල් ඉපැයීමට අවශ්‍යනම් ඔවුන්ගේ ටෙලිග්‍රෑම් සමූහයකට එක්ව මුදල් ආයෝජනය කරන ලෙස අදාල සමූහය මගින් තමන්ට දැනුම් දුන් බවත් ඒ අනුව මුදල් ආයෝජනය කළද,ඊට අදාළ ලාභය ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ සමූහයේ ඇඩ්මින්වරයා පැමිණිලිකාර කාන්තාවට පවසා ඇත්තේ, එම මුදල් ලබාගැනීමට නම් බැංකු ගිණුමක් වෙත මුදලක් බැර කරන ලෙසයි.

ඒ අනුව පැමිණිලිකාර කාන්තාව රුපියල් ලක්ෂ 54ක මුදලක් අවස්ථා කිහිපයකදී එම බැංකු ගිණුම වෙත බැර කර තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එහෙත් පොරොන්දු වූ පරිදි ලාභ නොගෙවීම හේතුවෙන් ඇය ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අංක දෙක මූල්‍ය විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබිණි.

ඒ අනුව, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ උපදෙස් මත, විමර්ශන ආරම්භ කර මුදල් යොමුකළ බැංකු ගිණුම් දෙකක් පිළිබඳව විමර්ශන නිලධාරීන් අනාවරණ කරගත් අතර එම ගිණුම් හිමි පියපුතු යුවලක් පේරාදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, තමන්ද අදාළ වංචාවට හසුව ඇති අතර ජාවාරම්කරුවන්ගේ දැනුම්දීම පරිදි බැංකු ගිණුම් දෙක ආරම්භ කළ බවයි.

වැඩිදුර විමර්ශනයේදී අදාළ බැංකු ගිණුම් මගින් ඔන්ලයින් හරහා ලබාදී තිබූ පීසා ඇණවුමක් පිළිබඳ විමර්ශකයින්ගේ අවධානය යොමුව තිබූ අතර එම පීසා ඇනවුම මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකට ලබාදුන් බවට විමර්ශන නිලධාරීන්ට අනාවරණ හැකි වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...