spot_img
spot_img

මැති සබේ හදිසියේ කැඳවයි

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර තිබෙනවා.

අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව කළ ඉල්ලීමක් අනුව පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බව පාර්ලිමේන්තුව ආරංචි මාර්ග සඳහන් කළා.

ජනාධිපතිවරයාට ප්‍රකාශයක් කිරීම සඳහා පාර්ලිමේන්තුව මෙසේ කැඳවන බවද එම ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු එදින රටේ ආර්ථික තත්ත්වය, බංකොලොත්භාවය යනාදී කාරණා සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව සාමාන්‍ය පරිදි රැස්වීමට නියමිතව තිබුණේ ලබන 9 වැනිදායි

පාර්ලිමේන්තුව ලබන 2 වැනිදා හදිසියේ රැස්වන බවට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පාර්ලිමේන්තුව කටයුතු කරමින් සිටී.

එසේම ලබන 2 වැනිදායින් පසු පාර්ලිමේන්තුව රැස්වන දිනය තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් ලබන28 සිකුරාදා පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ ජාතික රෝහලේ සිටි ශිරන්ති පෞද්ගලික රෝහලකට මාරු කෙරේ

ඇප මත මුදා හැරීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර...

අග්බෝ ඇතු සෙවීම සඳහා විශේෂ හමුදා කණ්ඩායමක්

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ නියෝග මත අග්බෝ හස්තියා සෙවීම සඳහා...

බලංගොඩ කස්සප හිමියන්ට පහරදීමේ සිද්ධිය හෙළාදකිමින් එජාපයෙන් නිවේදනයක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා සත්‍යග්‍රහයේ...

අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ අපවත් වෙති

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ...