spot_img
spot_img

ඔස්ට්‍රේලියාව පරාජය කළ ඉන්දියාව අවසන් පූර්ව වටයට

ඉන්දීය කණ්ඩායම මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ඒ , සුපිරි 8 දෙනාගේ වටයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය ලකුණු 24කින් ජය ගනිමින්.

මෙම තරගය ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

එහි කාසියේ වාසිය හිමිකර ගත් ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා

ඒ අනුව, නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි ඉන්දීය ඉනිම ආරම්භ කළ අතර කෝලිට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

රෝහිත් ශර්මා සහ රිෂාබ් පාන්ට් දෙවැනි කඩුල්ලට ලකුණු 87ක සබඳතාවක් ගොඩනැංවීමට සමත් වුණා.

නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ රෝහිත් ශර්මා පන්දු 41කින් ලකුණු 92ක් රැස් කළා.

සූර්යකුමාර් යාදෙව් ලකුණු 31ක් ලබා ගත්තා.

මිචෙල් ස්ටාර්ක් සහ මාකස් ස්ටොයිනීස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 205ක්.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 6කට දැවී ගියා.

නායක මිචෙල් මාර්ෂ් ලකුණු 37ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ට්‍රැවිස් හෙඩ් පන්දු 43කදී ලකුණු 76ක් රැස් කළා.

සුපිරි පන්දු යැවීමක නිරත වු අර්ෂ්දීප් සිං කඩුලු 3ක් දවා ගත්තා.

ලකුණු 206ක ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේලියා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 181ක් පමණයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...