spot_img
spot_img

විජයදාසට එරෙහි වාරණය යළි දිග් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීම සහ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු ලෙස පිළිගැනීම වළක්වමින් නිකුත්කර තිබූ වාරණය ලබන 09 දීර්ඝ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු චන්දිම එදිරිමාන්න මහතා අද (25) නියෝග කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා විසින් එම පක්ෂයේ සරත් ඒකනායක, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ,වැඩ බලන මහ ලේකම් ලෙස පත් වූ කීර්ති උඩවත්ත, සහ අනුශාසක මෛත්‍රිපාල සිරිසේන මහත්වරුන්ට එරෙහිව මැයි 28 පැවරු නඩුව කැදවීමෙන් පසුව මෙම වාරණ නියෝග දීර්ඝ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරුන් පත් කිරීම, වැඩ බලන ප්‍රධාන ලේකම් දුමින්ද දිසානායක සහ සභාපති නිමල් සිරිපාද සිල්වා මහත්වරුන්ගේ පක්ෂ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්ද වාරණද දීර්ඝ කිරීමට අතිරේක දිසා විනිසුරුවරයා නියෝග කළේය.
විත්තියේ විරෝධතා සහ උත්තරය එදිනට ඉදිරිපත් කරන ලෙසද නියෝග කර තිබෙනවා.

පැමිණිලිකාර ලසන්ත අලගියවන්න මහතා වෙනුවෙන් නීතිඥ සංජීව කළුආරච්චි මහතා කරුණු දැක්වුවා. විජයදාස රාජපක්ෂ මහතා සභාපතිවරයා වශයෙන් පත්කළ බව කියන මැයි මස 12 දින පැවති විධායක සභාවේ කටයුතු සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි යැයි පවසමින් මෙම නඩුව ගොනු කර තිබුනා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...