සාමාන්‍ය පෙළ විභාගයේ තවත් අක්‍රමිකතා කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (16) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි ඉදිරිපත් කෙරුණි.
ඒ අනුව මිනුවන්ගොඩ පාසලක විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ඇතැම් කොටස් ලබානොදුන් බවට චෝදනා එල්ලවී තිබේ.
එමෙන්ම විශේෂ අවශ්‍යතා සිසුන් දෙදෙනකුටත් පරීක්ෂකවරුන්ගෙන් බාධා එල්ලවූ බවට පැමිණිලිකරුවන් චෝදනා කරයි.
පෙරේදා (15) නිමාවට පත්වූ 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඇතැම් ප්‍රශ්න පත්‍රවල දෝෂ තිබූ බවට සහ විභාග ශාලා කිහිපයක අක්‍රමිකතා සිදුවූ බවට දිගින් දිගටම චෝදනා එල්ල වුණි.
මෙවන් පසුබිමක මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ අල්අමාන් මුස්ලිම් මහා විද්‍යාලයේ දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනීසිටි දරුවන් 14 දෙනෙකුට භූගෝල විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රය හා සිතියම කොටස ලබා නොදුන් බවට එම සිසුන් චෝදනා කරයි.




