spot_img
spot_img

ලාංකිකයින් රුසියානු හමුදා සේවයට යැවූ දෙදෙනා රිමාන්ඩ්

විශ‍්‍රාමික හමුදා නිලධාරීන් නීතිවිරෝධි ලෙස රුසියාවේ හමුදා රැකියා සඳහා යැවීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකරුවන් 05 දෙනා ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

විශ්‍රාමික හමුදා මේජර්වරයින් දෙදෙනෙක් සහ එම සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයින 03 දෙනෙකු මෙලෙස අද (16) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබුණා.

සැකකරුවන් මීගමුව අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේදී වින්දිතයින්ගේ ඥතීන් විසින් මීගමුව අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවයක නිරත වී තිබුණා.

රුසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කළ බලපත්‍ර ලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් ඊයේ දින (15) අත්අඩංගුවට ගෙන තිබුණා.

සංචාරක වීසා මගින් රුසියානු හමුදාවේ සිවිල් සේවය සඳහා ශ්‍රී ලාංකිකයින් යොමුකරන බව පවසා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 15 බැගින් මුදල් අයකර විදේශගත කර ඇති අතර, එරටදී රුසියානු – යුක්‍රේන යුද්ධයේ යුද පෙරමුණට යාමට මෙම ශ්‍රී ලාංකිකයින්ට සිදුවී තිබුණා.

මෙම ඒජන්සි ආයතනය විසින් සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි 7ක් ලැබී ඇති අතර, එම පැමිණිලිවලට අනුව මෙම ආයතනය වංචා කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික බවයි වාර්තා වන්නේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...