Thursday, June 4, 2026
spot_img
spot_img

පළාත් පාලන මැතිවරණ නීතියට සංශෝධනයක් අනිවාර්යයි – මැතිවරණ කොමිසම

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා පවතින බාධා ඉවත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේදී ‍සිදුකරන නීති සංශෝධනයකින් බව මැතිවරණ කොමිසම පවසනවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග පැවති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සාමාජිකයින් මේ බව පවසා ඇති බව සඳහන්.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් විමසීමක් සිදු කර ඇති අතර ඔහු සඳහන් කර ඇත්තේ පළාත් සභා මැතිවරණය පැරණි පැවති ක්‍රමය හෝ අලුතින් සීමා නිර්ණය කර ඇති ක්‍රමය යන එක් ක්‍රමයට පැවැත්විය හැකි බව කොමිසම අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන් බවයි.

ඒ සඳහා පළාත් පාලන මැතිවරණ නීතියට අනිවාර්යෙන්ම සංශෝධනයක් කළ යුතු බවත් එය සිදු කළ යුත්තේ පාර්ලිමේන්තුව තුළින් බවත් තමන් අග්‍රාමාත්‍යවරයාට පෙන්වාදුන් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසා තිබෙනවා.

එමෙනම්, පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ඉදිරිපත් කළ අපේක්ෂකයින් සම්බන්ධයෙන්ද එහිදි සාකච්ඡාවට ලක්ව ඇති බවද සඳහන්.

සභාපතිවරයා සඳහන් කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමෙන් එම ගැටලු නිරාකරණය වන බව කොමිසමේ සාමාජිකයින් අග්‍රාමත්‍යවරයාට දැනුම් දුන් බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...