ගෝලීය ජනගහනයෙන් බිලියන 2.2ක් දරුණු ජල හිඟයකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.
එක්සත් ජාතීන් අවධාරණය කරන්නේ ජල හිඟය ලොව පුරා ගැටුම් උත්සන්න වීමට ද හේතුවක් විය හැකි බවයි.
එම වාර්තාවේ වැඩිදුරටත් දක්වා ඇත්තේ, බිලියන 3.5ක පිරිසකට ආරක්ෂිත සනීපාරක්ෂණ පහසුකම් සපයා ගැනීමේ හැකියාව ද නොමැති බවයි.
බිලියන ගණනකට බලපා ඇති ජල හිඟයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ, කාන්තාවන්ට සහ ළමයින් බව එක්සත් ජාතීන්ගේ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වන බව වාර්තා වනවා.
වාර්තාවට අනුව ගෝලීය ජල හිඟයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අප්‍රිකානු කලාපීය රටවලට වන අතර, ඒ අනුව අප්‍රිකානු රාජ්‍යයන් 22ක් අතුරින් 19ක් ජනතාව ජල හිඟයට මුහුණ දී සිටින බව වාර්තා වනවා.
ලොව රටවල් 153ක් ජල සම්පත් හවුලේ පරිභෝජනය කරන බව විදෙස් වාර්තා සඳහන් කර තිබෙනවා.
එනමුත් සහයෝගයෙන් ජල සම්පත් පරිභෝජනයට ගිවිසුම් ගත වි ඇත්තේ රටවල් 24ක් පමණයි.
ඒ අනුව, පවතින තත්ත්වය හමුවේ ලොව පුරා ගැටුම් තීව්ර විමේ අවදානමක් ද පවතින බව එක්සත් ජාතීන් අවධාරණය කරනවා.




