spot_img
spot_img

ගැහැනු දරුවන්ගේ ආරක්ෂාව අඩු කරන සංශෝධනවලට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් එරෙහි වෙලා

දණ්ඩ නීති සංග්‍රහයේ 19 වැනි පරිච්ජේදය සංශෝධනය කිරීම සඳහා පසුගිය පෙබරවාරි 09 වැනිදා ගැසට් කොට ඇති පනත් කෙටුම්පත වහා අත්හිටුවන්නැයි ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

1995 වසරේදී දණ්ඩනීති සංග්‍රහයට සිදු කරන ලද සංශෝධනයන්ට අනුව මෙරට අවුරුදු 16කට අඩු දැරිවියක් ස්ව කැමැත්තෙන් ලිංගික සම්බන්ධතා පැවැත්වුවද, එය ස්ත්‍රී දූෂණයක් යටතට ගැනෙන අතර අධිකරණ ඇමැතිවරයා විසින් දණ්ඩනීති සංග්‍රහයට ගෙන ඒමට යෝජිත සංශෝධනය මගින් එම වයස් සීමාව අවුරුදු 14 දක්වා පහත දැමීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිවරිය වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියට යෝජිත සංශෝධනය පිළිබඳව තම දැඩි කනස්සල්ල ප්‍රකාශ කරන බව සඳහන් කරන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය යෝජිත සංශෝධන සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කරුණුවලට අදාළ විස්තර සිය ලිපිය සමග ඉදිරිපත් කරන බවද දන්වා සිටිනවා.

එබැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 364 වැනි වගන්තිය සංශෝධන කිරීම සඳහා යෝජිත පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉල්ලා සිටින බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරනවා.

එමෙන්ම මෙරට කාන්තාවන් සහ ළමුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ අවදානමට ලක්විය හැකි ජනගහනය සඳහා යුක්තිය තහවුරු කරන ලෙසත් මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව ද මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු හෝ විකල්ප යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සිය සංසදය ඕනෑම අවස්ථාවක සූදානම් බව ද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තවදුරටත් සිය ලිපිය මගින් දන්වා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...