spot_img
spot_img

රන් මිලේ දැවැන්ත පෙරළියක් – සතියක් තුළ රුපියල් 16,000කින් ඉහළට – නවතම මිල ගණන් මෙන්න

ඉකුත් සතියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රන් මිල රුපියල් 16,000කින් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ හිමියන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කරයි.

ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ වැට් බදු පැනවීම මෙන්ම ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යාම මෙම මිල වැඩිවීමට හේතු වූ බවයි.

එසේම රන් මිල මෙලෙස ඉහළ යාම හේතුවෙන් රන් ආභරණ සහ රන් ආශ්‍රිත නිෂ්පාදනවල මිල ගණන් ද ඉහළ යනු ඇති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඩොලර් 4,325 දක්වා ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ මෙරට ද රන් මිල කැපී පෙනෙන ආකාරයට ඉහළ යන බව වාර්තා වේ.

එබැවින් කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ ඊයේ උදෑසන වන විට කැරට් 22 රන් පවුමක මිල රුපියල් 360,600ක් වශයෙන් සටහන් ව තිබුණා.

එමෙන්ම වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ ඉකුත් 13 වැනිදා රුපියල් 386,000ක් වශයෙන් පැවති කැරට් 24 රන් පවුමක මිල ඊයේ වන විට රුපියල් 392,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර අද දින රන් මිල ගණන් පහත පරිදී වාර්තා විය.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 387,490ක් සහ එහි විකුණුම් මිල රුපියල් 408,545ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 355,130ක් සහ එහි විකුණුම් මිල රුපියල් 374,191ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 339,263ක් සහ එහි විකුණුම් මිල රුපියල් 357,453ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 290,625ක් සහ එහි විකුණුම් මිල රුපියල් 306,530ක් ලෙස දැක්වේ.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...