අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් දිලිත් ජයවීර, මහින්ද පතිරණ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීශ්වර බණ්ඩාර සහ අසංක නවරත්න යන අයට නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දැනට පවතින විමර්ශන කටයුතුවලට අදාළවයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ මේ බව ප්‍රකාශ කළා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත්, 2024 අංක 8 දරන අධිකරණ විනිශ්චය අධිකාරියකට හෝ ආයතනයකට අපහාස කිරීමේ පනත අනුව ඉහත සඳහන් පුද්ගලයන් හට අභියාචනාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කිරීමට කටයුතු කරන බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියා.
ඒ අනුව, අදාළ විමර්ශන සඳහා ජූලි 01 වන දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔවුන් වෙත නොතීසි නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.




