spot_img
spot_img

පළාත් සභා මැතිවරණය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මැතිවරණ කොමිසම යළි කැඳවයි

පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ඡන්ද ක්‍රමය පිළිබඳ සොයා බැලීමට පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් ලබන සතියේදී නැවත කැඳවීමට නියමිතය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පවසන්නේ, එම රැස්වීමේදී මැතිවරණයට අදාළව සකස් කරන ලද විශේෂ තාක්ෂණික වාර්තාවක් කමිටුව වෙත බාර දෙන බවයි.

මෙම කමිටුව මේ වන විටත් නීතිපති දෙපාර්තමේන්තුව සහ සීමා නිර්ණ කොමිෂන් සභාව ඇතුළු ප්‍රධාන ආයතන සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර, ඉතා නුදුරේදීම මැතිවරණ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, කමිටුවේ නිර්දේශ ලැබුණු වහාම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

එම මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් දැනටමත් වෙන් කර ඇති බැවින්, මූල්‍යමය ගැටලුවක් නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...