2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. ඒ අනුව ඉදිරි මාසවලදී උද්ධමනය 9%ක් පමණ දක්වා ඉහළ යා හැකි බව අද (20) පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ උද්ධමනය තවදුරටත් ඉහළ ගියද, 2027 වසරේ දෙවැනි භාගයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි.
ඒ අනුව 2027 වසරේ දෙවැනි භාගය වන විට උද්ධමනය ශ්‍රී ලංකා මහ බැංකුවේ 5%ක ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟා වනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.




