spot_img
spot_img

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

රුසියානු ජාතිකයෙකු වන මෙම සංචාරකයා සිය පවුලේ සාමාජිකයන් දෙදෙනෙකු සමඟ මෙරටට පැමිණ ඇති බව සඳහන් වේ.

මෙම පැමිණීමත් සමඟ අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ.

අභියෝග රැසක් මධ්‍යයේ අත්කරගත් මෙම ජයග්‍රහණය සුවිශේෂී බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය පවසයි.

2018 වසරෙන් පසුව 2024, 2025 සහ 2026 වසරවලදී ද සංචාරක පැමිණීම් විසි ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව 2024 දෙසැම්බර් 26 වැනිදාත්, 2025 නොවැම්බර් 17 වැනිදාත්, 2026 නොවැම්බර් 20 වැනිදාත් එම සීමාව පසුකර තිබීම විශේෂත්වයකි.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...