spot_img
spot_img

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබාගත් බව කියන සිදුවීමට අදාළව අත්අඩංගුවට ගෙන සිටින බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා සහ ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා ලබන 27 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (20) නියෝග කළේය.

අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, අද දින ඉදිරිපත් කළ ඇප ඉල්ලීමට අදාළ නියෝගය ඉදිරි නඩු දිනයේදී ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබේ.

මේ අතර, මෙම සිද්ධියේ සිව්වැනි සැකකරු ලෙස නම් කර සිටින දිනේෂ් පෙරේරා නමැත්තාට විවෘත වරෙන්තුවක් නිකුත් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...

අඛණ්ඩව තෙවැනි වසරටත් සංචාරකයින් ලක්ෂ 20 පසුකරයි; විසි ලක්ෂ වැනියාත් අද එයි

2026 වසරේ විසි ලක්ෂ වැනි සංචාරකයා අද (20) පෙරවරුවේ...