spot_img
spot_img

පිස්තෝලය ඉල්ලුවා… වතුර ගේන්න යැව්වා… ආපහු එද්දී වෙඩි වැදිලා බිම ආරක්ෂකයාගෙන් හෙළිදරව්වක්!

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා මාලඹේ, තලාහේනේ පිහිටි සිය නිවසේදී පිස්තෝලයකින් වෙඩි තබාගෙන සිය දිවි හානිකරගෙන තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේ රාජකාරියේ නියුතුව සිටි ආරක්‍ෂක නිලධාරියා පවසන්නේ, උදෑසන ව්‍යායාම සඳහා සූදානම් වෙමින් සිටි වික්‍රමරත්න මහතා තමාගෙන් පිස්තෝලය සහ මැගසින් එක ඉල්ලා ගත් බවයි.

පසුව තමන්ට වතුර බෝතලයක් රැගෙන එන ලෙස පවසා එම ස්ථානයෙන් පිටත් කර යැවූ බවත්, ඉන් මොහොතකට පසු වෙඩි හඬක් ඇසී දිව ගොස් බලන විට ඔහු වෙඩි වැදී බිම වැටී සිටි බවත් එම නිලධාරියා ප්‍රකාශ කර ඇත.

පවුලේ සාමාජිකයන් විසින් ඔහුව වහාම මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගියද, රෝහල්ගත කරන විටත් ඔහු මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසයි.

වික්‍රමරත්න මහතා පුත්‍රයෙකුගේ විවාහ ජීවිතයේ ඇති වූ ගැටලුවක් හේතුවෙන් දැඩි මානසික පීඩනයකින් පසුවූ බවත්, මීට මාස කිහිපයකට පෙර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබූ බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වූ චන්දන වික්‍රමරත්න මහතා, පොලිස් ඉතිහාසයේ වැඩ බලන පොලිස්පතිවරයා ලෙස 13 වතාවක් රාජකාරි කළ නිලධාරියෙකි.

2020 වර්ෂයේදී පොලිස්පති ධුරයේ ස්ථිර කෙරුණු ඔහු 2023 වසර දක්වා එම ධුරය දැරූ අතර, කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු විදේශීය උපාධි සහ ඩිප්ලෝමා රැසක් හිමි උගත් නිලධාරියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති සාමන්ත විජේසේකර සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය ඇතුළු උසස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...