ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විජයග්‍රහණය තහවුරු කරමින් කුරුනෑගල, පන්නල පක්ෂ කාර්යාලය පිහිටුවීම පසුගියදා සිදුකෙරුනා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුනෑගල දිස්‌ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා, එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා, හිටපු පළාත්සභා මන්ත්‍රී චන්දන යාපා, හිටපු පළාත්සභා මන්ත්‍රී කමල් හේරත්, එක්සත් ජාතික පක්ෂ කටුගම්පල නැගෙනහිර කෝරලයේ කලාප සංවිධායක තුමන් වන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී තුශාර සම්පත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
මිට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජූඩ්,ප්‍රාදේශීය සභා මන්ත්‍රී කරුණාරත්න,නිශ්ශංක මන්ත්‍රී තුමා,හිමාලි ලංකා ප්‍රධේශීය සභා මන්ත්‍රී තුමිය,සරත් මන්ත්‍රී තුමා,ප්‍රදේශිය සභා මන්ත්‍රී චම්පික විරපතුම් සහ ගරු අනුර ප්‍රියදර්ශනයාපා මහතාගේ මාධ්‍ය ලේකම් තරිදු ඇතුළු මහත්ම මහත්මින් මෙන්ම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව විශාල පිරිසක් මෙම කාර්ය සදහා සහභාගී වුණා.
මෙහි විශේෂත්වය වන්නේ මිට ප්‍රථම ප්‍රධාන පක්ෂ දෙකක ප්‍රබල බලකණු දෙකක්ව සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුනෑගල දිස්‌ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා සහ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතාගේ පුත්, එක්සත් ජාතික පක්ෂ කටුගම්පල ආසනයේ කලාප සංවිධායක, හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී අසංග පෙරේරා යන මහත්වරුන් රනිල් වික්‍රමසිංහ දිනවීම වෙනුවෙන් එකම වේදිකාවක ක්‍රියාශීලිව කටයුතු කිරීමයි.
කෙසේ වෙතත් දේශපාලන විද්වතුන් පෙන්වා දෙන්නේ එළිවෙන යාමෙට හොද හොද සෙල්ලන් බලාගත හැකි වනු ඇති බවටයි.




