එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධූරයෙන් තමාව ඉවත් කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.
අද (30) සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පැවසුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාව ඉවත් කළ බවට මෙතෙක් නිල වශයෙන් දැනුම් දී නොමැති බවයි.
සියලු චෝදනා සඳහා තමන් නුදුරේදීම පිළිතුරු ලබාදෙන බව තමන් ඉවත් කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පවසා සිටියා.
“මම තාම මහලේකම් ධුරයෙන් නිල වශයෙන් ඉල්ලා අස්වීම කරලා නැහැ. ඒ වගේම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මාව මහලේකම් ධුරයෙන් ඉවත් කළා කියලා මේ දක්වා නිල දැනුම්දීමක් කරලත් නැහැ… මේ සියලු චෝදනාවලට මම පිළිතුරු දෙනවා. මම මහලේකම් ධුරයෙන් ඉවත් කළත්, ඉවත් වුණත් මම යූ.එන්.පී කාරයෙක්. පස්සේ හම්බවෙමු. ගෙදර යනවා..”




