Sunday, April 19, 2026
spot_img
spot_img

මහබැංකු අධිපතිව අල්ලේ නටවන්නේ රනිල් – නලින්ද ජයතිස්ස

මහ බැංකු අධිපතිවරයා සමහර ප්‍රකාශ සිදු කරන්නේ ඔහුගේ වුවමනාවට වඩා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වුවමනාවට බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ, ඊයේ (29) ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලයේ මාධ්‍ය හමුව අමතමින්.

ඒ මහතා පවසන්නේ, මහ බැංකු අධිපතිවරයා ආචාර්යවරයෙක් සහ විෂයය දන්නා කෙනෙක් ලෙස දේශපාලනඥයන්ට අවශ්‍ය ආකාරයෙන් ප්‍රකාශ කිරීමට තමන්ගේ දැනුම යොදා ගැනීම පිළිබඳව ඔහු වගකිව යුතු බවයි.

මහ බැංකු අධිපතිවරයා සමහර ප්‍රකාශ සිදු කරන්නේ ඔහුගේ වුවමනාවට වඩා රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව පැහැදිලි බවයි නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ.

එමෙන්ම එවැනි මහ බැංකු අධිපතිවරු අතීතයෙත් සිටි නමුත් එක් මහ බැංකු අධිපතිවරයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ රට බංකොලොත් කිරීමේ වැරදිකරුවකු ලෙසත් තීන්දු කර තිබෙන බව ඔහු එහිදී පෙන්වාදුන්නා.

ලෝකයේ ඕනෑම රටක ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අවස්ථාව තිබෙන බවත් මෙයට මාස දෙකකට පෙර මූල්‍ය අරමුදල ප්‍රසිද්ධ මාධ්‍ය සාකච්ඡාවක දී කළ ප්‍රකාශය නැවත බලන ලෙස වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරත් සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...