ඔක්තෝබර් මස 03 වැනිදා සිට 20 වැනිදා දක්වා බංග්ලාදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිත ලෝක කුසලාන කාන්තා විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය එරට පැවැත්වීමේ අවදානමක් මතුව ඇති බවට ‘ක්‍රික් ඉන්ෆෝ’ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ, කාන්තා 20-20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව හෝ ශ්‍රී ලංකාව යන රටවල් තුනෙන් එකකදී පැවැත්වීමට කටයුතු කරන බවයි.
බංග්ලාදේශය පුරා ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව හමුවේ පලා ගිය හිටපු අගමැතිනි ෂෙයික් හසීනා මේ වන විට ඉන්දියාවේ ආරක්ෂිත ස්ථානයක සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ, බ්‍රිතාන්‍යය ඇයට දේශපාලන රැකවරණය මේ දක්වා ප්රදානය නොකිරීම හේතුවෙන්.
ඇය ඉන්දියාවේ දිල්ලි නුවර හමුදා කඳවුරක් වෙත ඊයේ පැමිණි අතර පසුව ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් ද හමු වී තිබෙනවා.




