spot_img
spot_img

කෝකිලාට එරෙහිව රවීගේ අපහාස නඩුව සමත වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රිනී කෝකිලා ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙත් තමන්ට අපහාසයක් සිදුවී ඇතැයි කියමින් රුපියල් මිලියන 500ක වන්දියක් අය කරදෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් ගොනු කළ නඩුව අද (06) කොළඹ දිසා අධිකරණයේදී සමථයට පත්වී තිබේ.

එම නඩුව අද කොළඹ දිසා අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී මන්ත්‍රීවරිය සිය නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට දැනුම්දී ඇත්තේ තමන් සිදුකළ ප්‍රකාශය වැරදි සහගත බැවින් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටින බවය.

මීට අමතරව රුපියල් දස දහසක මුදලක් ලංකා පිළිකා අරමුදලට පරිත්‍යාග කරන බවත් මෙහිදි ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකණයේදී පවසනු ලැබීය.

ඒ අනුව අදාළ සමථය සටහන් කරගත් අධිකරණය සමථ කොන්දේසි අනුව කටයුතු කරන ලෙස දෙපාර්ශ්වකරුවන්ට නියෝග කෙරිණි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...