spot_img
spot_img

අන්තර්ජාල සූදුවලටත් රජයෙන් බද්දක්?

අන්තර්ජාලය ඔස්සේ ඔට්ටු ඇල්ලීමේ ක්‍රීඩාව සඳහා ඉදිරියේදී බදු අය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

නියාමනය කිරීමෙන් අනතුරු එම බදු පැනවීම සිදු කිරීමට නියමිත බව කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සඳහන් කර තිබේ.

මෙරට සූදු ව්‍යාපාරය නියාමනය කිරීම සඳහා පසුගිය වසරේ ඊට අදාළ පනත හඳුන්වා දුන් අතර ඒ අනුව නියාමන අධිකාරිය පිහිටුවා නීති රෙගුලාසි හඳුන්වාදීමට නියමිතව තිබේ.

මේ වන විට රට තුළ පවතින බදු අය කිරීම සම්බන්ධයෙන් සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ප්‍රකාශයක් සිදුකරමින් චතුරංග අබේසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

මේ අතර, ඉදිරියේදී අත්‍යාවශ්‍ය භාණ්ඩවල වක්‍ර බදු අඩු කිරීමට රජය පියවර ගන්නා බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...