spot_img
spot_img

පැණි බීම පානයෙන් වළකින ලෙස වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

පවතින උෂ්ණාධික කාලගුණ තත්වය තුළ කෘතීම පැණි බීම පානය කිරීම හරහා අහිතකර ප්‍රතිපල එල්ලවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා පැවසීය.

කෘතීම පැණි බීම පානය කිරීම හමූවේ තවදුරටත් ජලය පානය කිරීමේ අවශ්‍යතාව ඇතිවිය හැකි බවයි වෛද්‍යවරයා පවසන්නේ.

අධික සීනි ප්‍රමාණයක් කෘතීම පැණි බීම වල පැවතීම ඊට හේතුවයි.

එමෙන්ම වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ එළිමහනේ කටයුතු කිරීම අවම කිරීම මෙන්ම දැඩි වෙහෙසකාරී ක්‍රියා සිදු කිරීමෙන් හැකිතාක් වැළකීම ඉතා වැදගත් බවයි.

පවතින තත්වය තුළ ස්වාභාවික දියර වර්ග වැඩි වශයෙන් පානය කිරීම ඉතා වැදගත් බව වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...