spot_img
spot_img

2026 උසස් පෙළ විභාගය කල් දැමීමේ අවශ්‍යතාවයක් නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

2026 අගෝස්තු මස 10 වන දින ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අ.පො.ස. උසස් පෙළ විභාගය තවදුරටත් කල් දමන ලෙස විවිධ පාර්ශව මගින් කරනු ලබන ඉල්ලීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනය මගින් අමාත්‍යාංශය දැනුවත් කර ඇත්තේ 2026 උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාලය ඇති බැවින් අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවය.

ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිකුත් කළ ගුරු මාර්ගෝපදේශයන්ට අනුව උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට අවශ්‍ය වන දින සංඛ්‍යාව වනුයේ 300ක් බවද අදාළ නිවේදනයේ සඳහන්ව තිබේ.

2026 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ඉගැන්වීම් කටයුතු නිල වශයෙන් ආරම්භ කළ දින සිට 2026 අගෝස්තු 07 දක්වා පාසල් පැවැත්වෙන දින ගණන 343ක් බවත් සඳහන් කර ඇති අමාත්‍යාංශය 2026 අ.පො.ස. උසස් පෙළ විභාගයට දෙවන සහ තෙවන වර පෙනී සිටින සිසුන් සඳහා පෙර විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ දිනයේ සිට මෙවර විභාගය පැවැත්වෙන දිනය දක්වා පරතරය මාස 4ක් සහ දින 10 ක් බවත් අදාළ නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

ඒ අනුව 2026 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමට නියමිත කාල‍ය ලැබී ඇති බැවින්, අදාළ විභාගය පැවැත්වෙන කාල වකවානුව සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොඟින බවද අදාළ නිවේදනය මගින් අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී ඇත.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...