spot_img
spot_img

අත්‍යවශ්‍ය භාණ්ඩවල බදු දෙගුණ වෙද්දී තෙගුණ වෙද්දී දුම්වැටි බදු පහළට – වාසිය දුම්කොළ සමාගමට – මෙහෙම වෙන්නේ කොහොමද දෙවියනේ

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් පසු සමස්ත වෙළඳපොළ තුළම බදු ප්‍රතිපත්තිවල අසමතුලිතතාවයක් නිර්මාණය වී ඇති බව විරයිට් රිසර්ච් ආයතනය විසින් සිදුකළ පර්යේෂණයකින් හෙළිවී තිබේ.

රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වැට් බදු ඇතුළු බදු ප්‍රතිශතයන් බොහෝ භාණ්ඩ සඳහා දෙගුණයකටත් වඩා වැඩි කර තිබියදී, දුම්වැටි සඳහා වන බදු ප්‍රතිශතය නිරපේක්ෂ වශයෙන් පහත වැටීම බරපතල කතාබහකට ලක්ව ඇත.

වෙළඳපොළේ පවතින බොහෝ භාණ්ඩ අතරින් බදු ආදායම පහළ ගිය එකම නිෂ්පාදනය දුම්වැටි විය හැකි බව පර්යේෂකයින් පෙන්වා දෙයි.

මේ අතර, එම නිෂ්පාදන අලෙවි කරන සැපයුම්කරුවන්ගේ ආදායම එම කාලසීමාව තුළ ඉහළ ගොස් තිබීම තුළින් බදු ප්‍රතිපත්තියේ සෘජු වාසිය සමාගම් වෙත ලැබී ඇති බව පැහැදිලිය.

පාරිභෝගික භාණ්ඩ මත ඉහළ බදු බරක් පැටවෙද්දී දුම්වැටි වැනි අහිතකර නිෂ්පාදන සඳහා සහනශීලී බදු පද්ධතියක් ක්‍රියාත්මක වීම සාධාරණ ආර්ථික කළමනාකරණයක් දැයි විචාරකයින් ප්‍රශ්න කරයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...