spot_img
spot_img

සෑම වසරකම පරිසරයට සිගරට් ෆිල්ටර් බිලියන 1.8ක් – ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතියට බරපතල තර්ජනයක්

ශ්‍රී ලංකාව තුළ දුම්පානය හේතුවෙන් සිදුවන පාරිසරික විනාශය අතිශය භයානක මට්ටමක පවතින බව පාරිසරික වාර්තා අනාවරණය කරයි. සෑම වසරකම නිසි ලෙස බැහැර නොකරන ලද ප්ලාස්ටික් දුම්වැටි පෙරහන් (Filters) බිලියන 1.8ක් ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසරයට එක් වේ.

මෙම බිලියන 1.8ක් වූ අපද්‍රව්‍ය හරහා විෂ රසායනික ද්‍රව්‍ය 7000කට ආසන්න ප්‍රමාණයක් පසට, ජල මූලාශ්‍රවලට සහ අවසානයේ ආහාර දාමය වෙත මුදා හැරේ.

බොහෝ දුම්වැටි පෙරහන් ප්ලාස්ටික් වර්ගයක් වන සෙලියුලෝස් ඇසිටේට් (cellulose acetate) වලින් නිපදවා ඇති බැවින් ඒවා පරිසරයේ දිරාපත් වීමට වසර ගණනාවක් ගත වේ.

මෙම අපද්‍රව්‍ය මගින් පස සාරවත් බව විනාශ කරනවා මෙන්ම, ජල මූලාශ්‍ර දූෂණය කරමින් ජලජ ජීවීන්ට සහ පක්ෂීන්ට ද දැඩි බලපෑමක් ඇති කරයි. ශ්‍රී ලංකාවේ පාරිසරික අලංකාරය ආරක්ෂා කර ගැනීමට නම්, මිලියන 3.2ක් ඉක්මවූ දෛනික දුම්පානය කරන්නන්ගේ මෙම වගකීම් විරහිත අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රියාවලිය පාලනය කිරීම ඉතා වැදගත් වේ.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...