spot_img
spot_img

සිගරට් බදු අඩු කළහොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම පාලනය කළ හැකි යන මතය සම්පූර්ණයෙන්ම බොරුවක්

මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් සිදුකළ මෑතකාලීන මාධ්‍ය හමුවකදී, දුම්වැටි බදු පද්ධතියේ පවතින බරපතල අක්‍රමිකතා සහ එහි සැබෑ ප්‍රතිලාභියා පිළිබඳව කරුණු රැසක් හෙළිදරව් වුණා.

නිසි බදු එකතු කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් 2024 වසරේදී පමණක් රජයට ලැබිය යුතු රුපියල් කෝටි 940ක බදු ආදායමක් අහිමි වී ඇති බවත්, එම මුදල් රජයේ භාණ්ඩාගාරයට හිමිවීම වෙනුවට දුම්කොළ නිෂ්පාදකයින්ගේ ලාභය ලෙස බැර වී ඇති බවත් ඔවුන් එහිදී අවධාරණය කළා.

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති ආචාර්ය ආනන්ද රත්නායක මහතා පෙන්වා දෙන්නේ, දුම්වැටි මත පනවන බදු අඩු කළහොත් නීතිවිරෝධී දුම්වැටි ජාවාරම පාලනය කළ හැකි බවට පවතින මතය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පවතින තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශිත 75%ක බදු ප්‍රතිශතයට වඩා අඩු මට්ටමක, එනම් 67%ත් 69%ත් අතර මට්ටමක ශ්‍රී ලංකාවේ දුම්වැටි බදු ප්‍රතිශතය පැවතීමයි.

පසුගිය දශකය තුළ දුම්වැටි අලෙවිය 54%කින් පහත වැටී තිබියදීත්, සිලෝන් ටුබැකෝ සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය 179%කින් ඉහළ යාම මෙරට බදු පද්ධතියේ පවතින ගැටලු සහගත ස්වභාවය පෙන්නුම් කරන ආකාරය දැකගත හැකියි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...