spot_img
spot_img

චරිත්ට මොකද කරන්නේ – එල්ලුම් ගහ ක්‍රියාත්මක කරනවාද? අධිකරණ ඇමති සජිත්ගෙන් අහයි!

සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාල සබඳතා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමත් සමඟ, ඔහු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ගනු ලබන විනය ක්‍රියාමාර්ග මොනවාදැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද (25) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන එන ලද කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, අතීතයේ මෙන් නොව වර්තමාන රජය යටතේ නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන බවයි.

පාතාල කල්ලි සාමාජික නදුන් චින්තක සමඟ සම්බන්ධතා පැවැත්වූ රඛිත රාජපක්ෂ නම් නීතිඥවරයා සහ සමගි ජන බලවේගයේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ අත්අඩංගුවට ගැනීම මගින් රජය නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන බව ඔප්පු කර ඇති බව ඔහු පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එල්ලුම් ගහ ක්‍රියාත්මක කිරීමට විපක්ෂ නායකවරයා පක්ෂපාතී දැයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රශ්න කළේය. තමන් රජයක් වශයෙන් ප්‍රතිපත්තියක් ලෙස මරණ දඬුවමට කැමැත්තක් නොමැති වුවද, මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට ගත යුතු සියලුම දැඩි නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළේය.

වසර ගණනාවක් තිස්සේ පැවති PTA (ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත) නීතිය ඉදිරි මාස දෙක තුළ අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවත්, නඩුකර සම්බන්ධයෙන් පහළ සිට ඉහළට පත් කිරීමේ ක්‍රමවේදයක් අග්‍රවිනිශ්චයකාරවරයාගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.2025 වසරේ සිට මේ දක්වා මත්ද්‍රව්‍ය කිලෝ 23,692ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, විදේශගත ජාවාරම්කරුවන් 95 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

තම දේශපාලන කණ්ඩායම පාලනය කිරීමට විපක්ෂ නායකවරයාට හැකියාව තිබේදැයි ප්‍රශ්න කළ අමාත්‍යවරයා, චරිත් අබේසිංහ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග දෙස දේශපාලන පක්ෂයක් ලෙස තමන් විමසිල්ලෙන් බලා සිටින බව වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...