spot_img
spot_img

ආර්ථිකය ශක්තිමත් කරන්න අපි කියලා දෙන්නම් අපෙනුත් උදව් ගන්න – රවී කරුණානායක

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විපක්ෂ මන්ත්‍රීවරුන්ගේද සහයෝගය ලබා ගනිමින් ආණ්ඩුව ක්‍රියා කළහොත්, එය රටේ ආර්ථිකයට හිතකර වනු ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා,

විවාදයකට එක්වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය: මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආර්ථිකය උදෙසා දැවැන්ත භූමිකාවක් ඉටු කරයි. එම ව්‍යාපාරිකයින්ට අවධානය යොමු කළ යුතුයි.

මේ වසරේ අය-වැය පසුගිය ආකාරයට නොව වෙනස් මූලධර්මයක් අනුව සකස් කර තිබේ. නිවැරදි විකල්ප සෙවීම වඩා වැදගත්.

අද වන විට රටේ අස්වැසුම ලක්ෂ 24ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෑතකාලීනව පවුලක් ජීවිතය ගෙවා ගැනීමට රු. 67,000 ක් අවශ්‍ය වූ අතර දැන් එය තවත් ඉහළ ගොස් ඇත. තරුණයින් අතර විශාල අසහනයක් පවතී.

ආණ්ඩුවට මගේ ඉල්ලීම වන්නේ, පුළුල් ආයෝජන සිදු කිරීමයි.

ආයෝජන අවස්ථා ව්‍යාප්ත කළ යුතුය. අප රට විශාල ණය ප්‍රමාණයක් ගෙවීමට බදාගෙන ඇති බැවින්, ආර්ථිකය නැගිටවීම ඉතාමත් අවශ්‍යය.

මම කලින් කිව්වා, බිලියන 20ක් යොදලා ශ්‍රී ලන්කන් ගුවන් සේවාව නැවත ගොඩ නැංවිය නොහැකියි. එය ශක්තිමත් කළ හැක්කේ විශාල පරිමාණ ගුවන් සමාගමක් තුළට ඒක ඒකාබද්ධ කිරීමෙන් පමණි.”

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...