spot_img
spot_img

ඡන්දෙ කල් දාන්න අපි ඉඩ දෙන්නේ නැහැ – අනුර

කුමන ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ දියත් කළත් ඉදිරි ජනාධිපතිවරණය වැළැක්වීමේ හැකියාවක් නැතැයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

පසුගියදා (13) දඹු⁣ල්ලේ පැවැති ජන රැළියකදී ඔහු මේ බව සඳහන් කළා.

රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැට ගැසුවත් ඔහුට අවසානයේ ඉතුරු වනුයේ ඔහුගේ ටයි ගැටේ පමණක් බවද ඔහු මෙහිදී පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“රනිල් වික්‍රමසිංහ ගැට පිට ගැහුවට අන්තිමට රනිල් වික්‍රමසිංහට ඉතුරු වෙන ගැටේ මොන ගැටේද? රනිල්ගෙ ටයි එකේ ගැටේ. එච්චරයි. රනිල්ට ඕනෙ නම් ඉතුරු වෙයි රනිල්ගෙ ටයි එක. ඡන්දය තියෙනව. ජූලි 17 වැනිදා මැතිවරණ කොමිසමට බලය එනව. ඒගොල්ලො මේ මාසය ඇතුළත නාම යෝජනා ගන්න දිනය තීරණය කරනව. නාම යෝජනා අරගෙන සති 4 කුත් සති 6 කුත් අතර කාලය තුළ ඡන්දය තියෙනව. බොහෝ දුරට ඔක්තෝබර් 05. දෙගිඩියාවක් තියෙනවද නෑ. රනිල් වික්‍රමසිංහ මොන ගැට ගැහුවත් ජනාධිපතිවරණ ඡන්දය නොතියා යන්න ජාතික ජනබලවේගය ඉඩදෙන්නෙ නැහැ. ඒ ඡන්දය අපි ගන්නවා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...