spot_img
spot_img

පාස්කු වන්දි ගෙවන්න මෛත්‍රීට අධිකරණයෙන් දින දෙයි

පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු තමන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

එදිනට පෙර අදාළ මුදල් ගෙවා අවසන් නොකරන්නේ නම් එම පුද්ගලයින්ට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ලබන සැප්තැම්බර් මස 20 වනදාට පෙර චෝදනා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...