Thursday, June 4, 2026
spot_img
spot_img

මේ පාතාලයේ අවසාන රංගනය, තව දඟලන්න දෙන්නේ නැහැ – පොලිස්පති

සංවිධානාත්මක අපරාධ කල්ලි, සමාජයෙන් තුරන් කිරීම ඉතා හොඳ සැලැස්මක් මත සිදුකරමින් පවතින බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේය.

මාධ්‍ය වෙත අදහස් දැක්වමින් ඒ මහතා සඳහන් කළේ, පසුගිය මාස තුන හතර තුළ පාතාල සාමාජිකයින් 800කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසිය ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන ඇති බවත් පසුගිය මාස දෙකහමාරක කාලය තුළ කිසිදු සිදුවීමක් වාර්තා වී නොමැති බවත් පැවසු පොලිස්පතිවරයා මෑතක සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය කටයුතු කරමින් සිටින බව ද පැවසීය.

පාතාලයෙන් මේ වනවිට හතරෙන් තුනක් පාලනය කර ඇති බවත් ඉතිරි වී සිටින ටික දෙනෙක් මේ වනවිට සංදර්ශන පවත්වන බවත් පැවසු පොලිස්පතිවරයා, මෙහෙයුම් තවත් තීව්‍ර කරමින් ඔවුන් පාලනය කරන බව ද කියා සිටියේය.

විදෙස් රටවල සිටින අපරාධකරුවන් සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමුව ඇතැයි පැවසු පොලිස්පතිවරයා, මහජනතාවට මේ සම්බන්ධයෙන් කිසිවිටෙකත් බියක් ඇති කරගත යුතු නැතැයි ද පැවසීය.

පවතින තත්ත්වය ක්‍රමානුකූලව වෙනස් කරමින් සිටින බවත් ඇතැම් සිදුවීම් සිදුවුවත් එය පාලනය අවශ්‍ය පියවර ගන්නා බවත් මහජනතවාට ඒ සඳහා සහාය ලබාදිය හැකි බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

“නැවත වතාවක් මියගිය දරුණු ගනයේ අපරාධකරුවන්ට කවුද පණදෙන්න උත්සාහ කරන්නේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම දින කිහිපයකට පසුව නගරයේ නොයෙක් ස්ථානවල තිබිලා පාතාලයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පෝස්ටර් කිහිපයකුත් ප්‍රදර්ශනය වෙලා තියෙනවා. මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර මරාගැනීමේ සටහනක් තමා තියෙන්නේ. එක් කණ්ඩායමකින් එක් අයෙක් මැරෙද්දි අනෙක් අය සතුටු වෙනවා. මේ රංගනය අවසන් රංගනය. මේකට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.

දැඟලුවොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලීසියෙන් ලැබෙයි. තමන්ගේ පාඩුවේ රටේ නීතියට ගරු කරලා හැමෝම ජීවත්විය යුතුයි. පෝස්ටර් ගසා ගැනීමෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශනය කරන්න එපා තමන් පාතාලයෙක් කියලා. එහෙම වුණොත් වැඩ වරදී”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...