spot_img
spot_img

Uber මෙරට මෙහෙයුම් දේශීය සමාගමක් ලෙස ලියාපදිංචි කරයි

ප්‍රවාහන සහ බෙදාහැරීමේ සේවාවක් වන උබර් (Uber), තම ශ්‍රී ලාංකීය ව්‍යාපාරික කටයුතු ‘උබර් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ්’ (Uber Lanka (Private) Limited) නමින් දේශීය සමාගමක් ලෙස සම්පූර්ණයෙන් ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.

මෙරට යෝජිත ඩිජිටල් බදු රාමුව සහ දේශීයව ලියාපදිංචි වූ ව්‍යාපාර සහ විදේශීය ඩිජිටල් වේදිකා අතර සාධාරණ තරඟකාරීත්වයක් ඇති කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පවතින සංවාදයන් මධ්‍යයේ මෙම පියවර ගෙන ඇත. මෙම නව වර්ධනයත් සමඟ උබර් ආයතනය මෙරට අනෙකුත් දේශීය සමාගම් හා සමාන තත්ත්වයකට පත්වේ..

2015 වසරේ සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන උබර් ආයතනය, සිය ප්‍රවාහන සහ බෙදාහැරීමේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් වෙළෙඳපොළ තුළ සිය ආයෝජන ශක්තිමත් කිරීමට මෙමගින් අපේක්ෂා කරයි.

මේ වසර තුළ පමණක් උබර් රයිඩ්ස් (Uber Rides) සේවාව කෑගල්ල දක්වාත්, උබර් ඊට්ස් (Uber Eats) සේවාව නුවරඑළිය දක්වාත් ව්‍යාප්ත කර ඇති අතර, එම සේවාවන් දෙකම රත්නපුර ප්‍රදේශයටත් හඳුන්වා දී ඇත.
මෙම දේශීයකරණය හරහා දේශීය ව්‍යාපාරික පරිචයන් සමඟ සමපාත වෙමින්, දිගුකාලීන වර්ධනයක් අත්කර ගැනීමටත්, මෙරට පාර්ශ්වකරුවන් සමඟ ඇති කැපවීම ශක්තිමත් කර ගැනීමටත් හැකියාව ලැබෙන බව උබර් ආයතනය ප්‍රකාශ කරයි. පාරිභෝගිකයන්ට වැඩි තේරීම් සහ පහසුකම් ලබා දීම මෙන්ම, රියදුරන් සහ බෙදාහැරීමේ සේවකයන් සඳහා වැඩි ආදායම් අවස්ථා නිර්මාණය කිරීම උබර් ආයතනයේ ඉදිරි අරමුණයි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...