spot_img
spot_img

ජනපතිගෙන් විශේෂ නියෝගයක් – ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත්වල ලොකු වෙනසක් කරන්න සියල්ල සූදානම්

බලශක්ති අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (15) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

මෙහිදී 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය, මේ වසරේ අවසන් කළ හැකි ව්‍යාපෘති මෙන්ම ඉදිරි වසරේ ප්‍රතිපාදන අවශ්‍යතා පිළිබඳව ද පුළුල් ලෙස විමසා බැලුණි.

විශේෂයෙන්ම ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් යන දූපත්වල ක්‍රියාත්මක දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ව්‍යාපෘතියේ ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා, එම දූපත් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස සංවර්ධනය කිරීමට උපදෙස් දුන්නේය.

එමෙන්ම පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අතරමඟ නතර වූ ජයිකා ආධාර ලබන ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සහ ඊට අදාළ 2027 අයවැය ප්‍රතිපාදන පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මීට අමතරව කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දෙවන භූගත විදුලි සම්ප්‍රේෂණ මාර්ගය, සාම්පූර්-කප්පල්තුරෙයි සහ නව හබරණ-කප්පල්තුරෙයි විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති, පාදුක්ක ජාල උපපොළ STATCOM ස්ථාපනය සහ වහල මත සවි කරන සූර්ය බලශක්ති එකතු කිරීමේ ව්‍යාපෘතිය වැනි ප්‍රධාන පෙළේ විදුලිබල ව්‍යාපෘතිවල ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ දැඩි අවධානයට ලක්විය.

ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ කොලොන්නාව සහ මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණවල නව ටැංකි ඉදිකිරීම සහ පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම ඇතුළු ව්‍යාපෘති 14ක ප්‍රගතිය විමසා බැලූ ජනාධිපතිවරයා, මෙම සියලු ව්‍යාපෘති නියමිත කාලය තුළ අවසන් කර ජනතාවට ප්‍රතිලාභ සැලසීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම අවස්ථාවට බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස්, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රසන්න චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් රසල් අපොන්සු සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ධර්ෂණ සූරියප්පෙරුම යන මහත්වරුන් ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...