spot_img
spot_img

ජනාධිපති අනුරගේ ජනප්‍රියභාවය 75% ඉක්මවයි

මෙරට ජනතාවගෙන් බහුතරයක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පාලන ක්‍රියාකලාපය පිළිබඳව පැහැදීමකින් පසුවන අතර, තුනෙන් දෙකකට ආසන්න පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහයෝගය පළකරන බව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ සමාජ දර්ශක අංශය මඟින් නිකුත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවක් මඟින් හෙළි වී තිබේ.

2026 මැයි 23 සිට ජුනි 18 දක්වා කාලය තුළ දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි පුද්ගලයන් 1,240 දෙනෙකු ඇසුරින් පවත්වන ලද මෙම දීපව්‍යාප්ත සමීක්ෂණයට අනුව, ජනාධිපතිවරයාගේ සමස්ත කාර්ය සාධනය පිළිබඳව සියයට 75.5 ක ඉහළ මහජන ප්‍රසාදයක් හිමිව ඇත. ඊට සාපේක්ෂව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ක්‍රියාකලාපය පිළිබඳව ජනතාව පළ කර ඇත්තේ සියයට 29.4 ක ප්‍රසාදයකි.

මෙම මත විමසුමට අනුව, සමීක්ෂණයට ලක්වූවන්ගෙන් සියයට 64.1 ක පිරිසක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව අදහස් දක්වා තිබේ. කෙසේවෙතත්, එම ක්‍රියාවලිය වහාම ආරම්භ කළ යුතු බව පවසා ඇත්තේ සියයට 23.6 ක් පමණි. සියයට 40.5 ක් ප්‍රකාශ කර ඇත්තේ තමන් විධායකය අහෝසි කිරීමට පක්ෂ වුවද, එය මේ මොහොතේ රටේ ක්ෂණික ප්‍රමුඛතාවක් ලෙස නොසලකන බවයි. සියයට 23 ක පිරිසක් විධායකය අහෝසි කිරීමට සෘජුවම සිය විරෝධය පළකර ඇත.

වත්මන් පාලනය කෙරෙහි දේශපාලන ප්‍රසාදය ඉහළ මට්ටමක පැවතියද, ආර්ථික ක්ෂේත්‍රය තුළ තවදුරටත් දැඩි පීඩනයක් පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි. වසරකට පෙර පැවති තත්ත්වයට වඩා තමන්ගේ ගෘහස්ථ ආර්ථික තත්ත්වය තවදුරටත් පහත වැටී ඇති බව ප්‍රතිචාර දැක්වූවන්ගෙන් සියයට 51.4 ක් පවසා ඇති අතර, තත්ත්වය යහපත් වූ බව පවසා ඇත්තේ සියයට 18.2 ක් වැනි සුළු පිරිසකි.

එමෙන්ම රජය ජීවන වියදම පාලනය කරන ආකාරය පිළිබඳව මහජන මතය සම මට්ටමකින් බෙදී පවතී. එහිදී රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව සියයට 45.3 ක් සෑහීමකට පත්වන අතර සියයට 44.0 ක් ඊට අතෘප්තිය පළ කර ඇත.

මෙම සමීක්ෂණයට අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුවට කාර්යක්ෂම පාලනයක් සැපයිය හැකි බවට සියයට 62.8 ක ජනතාවක් විශ්වාසය පළ කර තිබේ. විශේෂයෙන්ම මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව රජය දියත් කළ සහන සේවා සහ පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළිබඳව සියයට 68.6 ක අතිශය ඉහළ මහජන ප්‍රසාදයක් වාර්තා වී ඇත. මීට අමතරව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් සියයට 51.6 ක් රජය කෙරෙහි පැහැදීම පළ කර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...