Thursday, June 4, 2026
spot_img
spot_img

වෙඩි වැදුණු ට්‍රම්ප් යළි මැතිවරණ වේදිකාවේ

පෙන්සිල්වේනියා මැතිවරණ රැලියේ වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවාගත් එලැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මෙන්ම හිටපු ජනාධිපතිවරයකු ද වන ඩොනල්ඩ් ට්‍රම්ප් විස්කොන්සින් ජනපදයේ මිල්වෝකී නගරය බලා පැමිණ තිබෙනවා.

ඒ, මිල්වෝකි නගරයේ පැවැත්වීමට නියමිත රිපබ්ලිකන් පක්ෂ සමුළුවට සහභාගී වීමටයි.

නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස ට්‍රම්ප් නිල වශයෙන් පිළිගැනීම සිදුවනු ඇත්තේ මෙම රිපබ්ලිකන් පක්ෂ සමුළුවේයි.

මිල්වෝකි රිපබ්ලිකන් පක්ෂ සමුළුව සැලැසුම් කර තිබුණේ මීට මාස ගණනාවකට පෙර සිටයි.

රිපබ්ලිකන් පක්ෂ සාමාජිකයන්, පක්ෂ ප්‍රධානීන් සහ ආධාරකරුවන් ඊට සහභාගී වී ට්‍රම්ප් නිල අපේක්ෂකයා ලෙස නම් කිරීම සිදු කරනු ලබනවා.

පෙන්සිල්වේනියා මැතිවරණ රැලිය අමතමින් සිටි ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ අතර, එයින් ට්‍රම්ප්ගේ දකුණු කන තුවාල වුණා.

ට්‍රම්ප් සහ ඔහුගේ කණ්ඩායම, ට්‍රම්ප්ගේ පෞද්ගලික ගුවන් යානයෙන් මිල්වෝකි බලා පැමිණි අවස්ථාවේ, ට්‍රම්ප් වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් ලබා දෙන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබුණා.

පෙන්සිල්වේනියා ජනපදයේ බට්ලර් ප්‍රාන්තයේ පැවැති මැතිවරණ රැලියේ දී ට්‍රම්ප්ට නිසි ආරක්ෂාවක් ලබා නොදුන් බවට සීක්‍රට් සර්විස් ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන්ට චෝදනා එල්ල වුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...