Thursday, June 4, 2026
spot_img
spot_img

ජනාධිපතිවරණය කල්දාන්නැයි ඉල්ලූ පෙත්සම සලකා බැලීම අද

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතයි.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි.

මෙහි වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැළකිය නොහැකි බව පෙත්සම්කරු මෙහිදී පෙන්වා දෙනවා.

අදාළ පෙත්සමේ දැක්වෙන්නේ, එවැනි තත්වයක් යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තවදුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවයි.

පෙත්සම්කරු තවදුරටත් පෙන්වා දෙන්නේ, මෙවැනි වාතාවරණයක් තිබියදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සළකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යෑමෙන් මැතිවරණ කොමිසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...