spot_img
spot_img

ඊළඟ රැළියේ දී ජනපති අපේක්ෂකයා කවුද කියලා කියනවා – අමරවීර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ මීළඟ රැළියේදී තම ජනාධිපති අපේක්ෂකයා ගැන රටට ප්‍රකාශ කරන බවත්, එම අපේක්ෂකයා නියත වශයෙන් රටේ ජනාධිපතිවරයා වන බවත්, බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඔහු මේ වන සඳහන් කළේ, බදුල්ල වින්සන්ට් ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානය විසින් “දිනුම රටට එක්ව පෙරට” තේමාව යටතේ සංවිධානය කරන මහජන හමු මාලාවේ තුන්වැනි හමුවට සහභාගී වෙමින්.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද එහා පැත්තෙ නිමල් සිරිපාල සභාපතිතුමා ජන ගංඟාවක් ගේනකොට මෙහා පැත්තෙන් චාමර සම්පත් ඒ වගේම ජන ගංඟාවක් ගෙනල්ලා…

ඊළඟ ජන ගඟ ගේන්නේ දැවැන්ත විදිහට අපේ ජනාධිපති අපේක්ෂකයා හඳුන්වලා දෙන ඒ ජන රැළිය ගේනවා. අපි ගේන ජනාධිපතිවරයා තමයි මේ රටේ නියත ජනාධිපති….”

වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල මහතා සහ රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක යන පිරිසද මේ සඳහා සහභාගී වී තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...