Friday, June 5, 2026
spot_img
spot_img

ඩොලර් ගේන සංචාරකයෝ

මේ වසරේ පළමු මාසය 6තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1,557ක් මුදලක් උපයා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ එය පසුගිය වසරේ පළමු මාස හයට සාපේක්ෂව දෙගුණයකට ආසන්න වර්ධනයක් බවය.

සංචාරක ඉපයීම් හැර සේවා අංශය වෙත මේ වසරේ පළමු මාස හය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 1,762ක ලැබීම් වාර්තා වී ඇති බව සඳහන්ය.

මේ වසරේ පළමු මාස 06 තුළ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අමෙරිකානු ඩොලර් මිලියන 3,144ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය වසරේ එම කාලවීම තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබී ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 2,823ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

මේ අතර ජුනි මාසය අවසාන වන විට මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ද අමෙරිකානු ඩොලර් බිලියන 5.7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ද ජූනි මාසය දක්වා අති ප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...