spot_img
spot_img

මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බන්ධනාගාර නිලධාරියාට වැඩවරදී

අයිස් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් වැලිකඩ බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ සේවය අත්හිටුවා තිබේ.

වැලිකඩ බන්ධනාගාර ප්‍රධාන දොරටුවේ දී බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරීන් විසින් අදාළ බන්ධනාගාර නිලධාරීවරයා පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී අයිස් යැයි සැක කළ හැකි මත්ද්‍රව්‍ය පැකට් කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන්ය.

ඔහුගේ රාජකාරී පාවහන් තුළ ඉතා සූක්ෂම ලෙස ඒවා සඟවා තිබු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා සඳහන් කළේය.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වසර 20ක පමණ කාලයක් බන්ධනාගාරයේ සේවය කළ නිලධාරියෙකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමුකර තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...