spot_img
spot_img

රුසියාවට අද ශෝක දිනයක්

ISIS ත්‍රස්ත සංවිධානය සැලකිය යුතු ගෝලීය තර්ජනයක් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එම ත්‍රස්ත සංවිධානය තුරන් කිරීමට එක්වන්නැයි අන්තෝනියෝ ගුටරෙස් ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කළ බවයි.

රුසියාවේ මොස්කව් අගනුවර ඊයේ සිදුවූ වෙඩි තැබීම හෙළා දකිමින්, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊජිප්තුවේදී ඒ බව සඳහන් කළා.

තුවක්කුකරුවන් පිරිසක් මොස්කව් නුවර ප්‍රසංග ශාලාවකට කඩා වැදී එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 133කට දිවි අහිමි වූ අතර, ඉන් තුවාල ලැබූ පිරිස 150 කට අධිකයි.

ප්‍රහාරය එල්ල වන විට එම ශාලාව තුළ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 6200 ක්.

දිවි අහිමිවූවන් සිහිකරමින් අද රුසියාවට ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රහාරයේ වගකීම, ISIS සංවිධානය භාරගත් අතර, ප්‍රහාරයට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් ලබා දෙන බවද රුසියානු ජනාධිපති විලැදිමීර් පුටින් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...